ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාව මගහැරීමට කිසිදු පුද්ගලයෙකුට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමහේවා මහතා අවධාරණය කරයි.
මෙම විශේෂ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීම මගහරින ඕනෑම අයෙකුට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පවතින බව ඔහු පෙන්වා දෙයි. මතභේදාත්මක ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන මෙම පුළුල් විමර්ශනයට සහාය දීම අදාළ සියලු පාර්ශවයන්ගේ වගකීමක් බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














