බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (18) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර මධ්‍යම, සබරගමුව, ඌව පළාත් සහ ගාල්ල, මාතර, කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එළඹෙන අප්‍රේල් 20 වනදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් වර්ධනය වන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














