ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (18) මෙරටට රැගෙන එනු ලැබීය. මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතළ ගණයේ අපරාධ රැසකට සම්බන්ධ මොහු, ප්‍රකට අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ගේ සහෝදරයා බවට හඳුනාගෙන තිබේ. සැකකරු මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.












