ප්‍රීමියර් ලීග් පාපන්දු පිටියේ බෝර්න්මත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජර්මානු ජාතික මාර්කෝ රෝස් (Marco Rose) පත් කිරීමට එම කණ්ඩායම සූදානම් වන බව වාර්තා වේ. වත්මන් පුහුණුකරු ඇන්ඩෝනි ඉරෝලා මෙම වාරය අවසානයේ කණ්ඩායමෙන් සමුගන්නා බව තහවුරු කිරීමත් සමඟ, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස 49 හැවිරිදි රෝස් පත් කර ගැනීමට සාකච්ඡා අවසන් අදියරට පැමිණ තිබේ. මින් පෙර RB Leipzig, Borussia Dortmund සහ Red Bull Salzburg වැනි ප්‍රබල කණ්ඩායම් පුහුණු කර ඇති මාර්කෝ රෝස්, එංගලන්තයේ කණ්ඩායමක් සමඟ එක්වන පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර ටොටන්හැම් (Tottenham) කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ද ඔහුගේ නම යෝජනා වී තිබූ අතර, බෝර්න්මත් බලධාරීන් විසින් කියෙරන් මැකේනා සහ ඉනිගෝ පෙරේස් යන පුහුණුකරුවන් පිළිබඳව ද අවධානය යොමු කර තිබුණි.














