සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්ධන QR ක්‍රමය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව, මින් පෙර පැවති ඉන්ධන කෝටාවන් යළි සක්‍රීය වන අතර, පෙට්‍රල් ලබා ගැනීමේදී ජාතික ඉන්ධන බලපත්‍රය (QR) ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
අප්‍රේල් 11 වනදා සිට ක්‍රියාත්මක වූ ලිහිල් කිරීම අදින් අවසන් වන නමුත්, වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කරන ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය තවදුරටත් නොවෙනස්ව පවතින බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














