හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී කුඹුරකට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් ඇති බව හාලිඇල පොලිසිය වාර්තා කරයි. ඊයේ (17) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර මියගිය පුද්ගලයා උඩුවර ප්‍රදේශයේම පදිංචි අයෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, මියගිය පුද්ගලයා තම කුඹුරු යායට වන සතුන්ගෙන් සිදුවන හානිය වැළක්වා ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී මෙම අනතුරට ලක්ව ඇත. මෘත ශරීරය මේ වන විට බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














