සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව අවසන් කර යළි සේවා ස්ථාන කරා පැමිණෙන ජනතාව වෙනුවෙන් අද (අප්‍රේල් 19) දිනය පුරා දිවයිනේ සියලු පළාත් කේන්ද්‍ර කරගනිමින් විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ. පස්වරු කාලයේදී කොළඹට පැමිණෙන මහා මාර්ගවල සහ බස් රථවල දැඩි මගී තදබදයක් ඇතිවිය හැකි බැවින්, හැකිතරම් වේලාසනින් ගමන් ආරම්භ කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මගීන්ගෙන් ඉල්ලා සිටී.
ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ සේවා මගී අවශ්‍යතාවය පරිදි යොදවා ඇති අතර, නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අයකරන බස් රථ සොයා වැටලීම් සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි. දුම්රිය දෙපාර්තමේන්තුව ද විශේෂ දුම්රිය කිහිපයක් අද දිනයේ ධාවනයට එක්කර ඇති අතර, හෙට (අප්‍රේල් 20) සිට සාමාන්‍ය දුම්රිය කාලසටහන යටතේ ධාවන කටයුතු සිදුකිරීමට නියමිතය.














