• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයිස් කෝටුවෙන් පටන්ගෙන ජාත්‍යන්තරය දිනූ ලංකාවේ ගුවන්යානා ආකෘති නිර්මාණ ශිල්පියා

20 April 2026
in දේශීය, පුවත්
අයිස් කෝටුවෙන් පටන්ගෙන  ජාත්‍යන්තරය දිනූ ලංකාවේ  ගුවන්යානා ආකෘති නිර්මාණ ශිල්පියා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අයිස් ක්‍රීම් කෝටු කිහිපයකින් සහ පේපර් කටර් එකකින් සිය විනෝදාංශය ආරම්භ කර, අද වන විට ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල හෙලිකොප්ටරය ඇතුළු ලොව ඕනෑම ගුවන්යානයක අතිශය නිරවද්‍ය ආකෘති නිර්මාණය කරන තරුණයෙකු පිළිබඳව පන්නිපිටියෙන් වාර්තා වේ. ඔහු නමින් ශයනක ලියනගේ ය. මාතර උපන් ඔහු වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක සේවය කරන අතරතුර මෙම සුවිශේෂී නිර්මාණකරණයේ නිරත වේ.
කොරෝනා වසංගත සමයේ නිවසට කොටු වී සිටියදී අහම්බෙන් හමු වූ අයිස් කෝටු කිහිපයකින් කුඩා ගුවන්යානයක් තනා අසල්වැසි දරුවෙකුට තෑගි කිරීමත් සමඟ ඔහුගේ මෙම ගමන ආරම්භ විය. අද වන විට ඔහු මැහෝගනී, ෆයින් වුඩ් සහ බල්සා වැනි උසස් තත්ත්වයේ දැව වර්ග භාවිත කරමින් සැබෑ ගුවන්යානය මෙන් 200 ගුණයක් කුඩා (1:200 scale) අතිශය සියුම් ආකෘති නිර්මාණය කරයි.
ඔහුගේ නිර්මාණ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ විදෙස් ගුවන් සේවාවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙනි. තමන් ප්‍රථමයෙන්ම පැදවූ හෝ දැනට සේවය කරන ගුවන්යානයේ ආකෘතියක් ළඟ තබා ගැනීමට ඔවුන් තුළ ඇති දැඩි කැමැත්ත ඊට හේතුවයි. පැරණි ‘එයාර් ලංකා’ ගුවන්යානා මෙන්ම ප්‍රසිද්ධ ගුවන් නියමුවන්ගේ පුද්ගලික ඉල්ලීම් මත ද ඔහු නිර්මාණ සිදු කරයි. ඇතැම් සංකීර්ණ ආකෘති නිම කිරීමට මාස හයක පමණ කාලයක් වැය වන අතර, කිසිදු යන්ත්‍රයකින් කළ නොහැකි අතින් නිම කළ යුතු සියුම් කොටස් පවා ඔහු අතින් නිම වේ.
පරම්පරාගත චිත්‍ර ශිල්පී පවුලකින් පැවත එන ශයනක, තමන් සතු දැනුම උනන්දුවක් දක්වන තරුණ පිරිසට ඉගැන්වීමට ද සූදානමින් සිටී. “අලුත් අයට කියන්නේ අරවා නැහැ, මේවා නැහැ කිය කියා ඉන්නේ නැතුව තියෙන දේකින් තමන්ගේ ගමන පටන් ගන්න” යන්න ඔහුගේ උපදේශයයි.
Post Views: 2
Previous Post

පලතුරු වර්ග 550කින් පිරි වැන්දල පලතුරු වත්ත ලෝක අවධානයට

Next Post

යක්කු ඉන්නේ ගස් උඩ නෙවෙයි මිනිසුන්ගේ සිත්වල

Editor TTV News

Editor TTV News

Next Post
යක්කු ඉන්නේ ගස් උඩ නෙවෙයි  මිනිසුන්ගේ සිත්වල

යක්කු ඉන්නේ ගස් උඩ නෙවෙයි මිනිසුන්ගේ සිත්වල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙවින් වෝර්ෂ්ගේ  සෙනෙට් මණ්ඩල සාක්ෂිය  ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය  පිළිබඳ සැක මතුවෙයි

කෙවින් වෝර්ෂ්ගේ සෙනෙට් මණ්ඩල සාක්ෂිය ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ සැක මතුවෙයි

22 April 2026
AI මතක චිප ඉල්ලුම සපුරාලීමට  SK Hynix වෙතින්  ඩොලර් බිලියන 13ක  දැවැන්ත ආයෝජනයක්

AI මතක චිප ඉල්ලුම සපුරාලීමට SK Hynix වෙතින් ඩොලර් බිලියන 13ක දැවැන්ත ආයෝජනයක්

22 April 2026
ජස්ටින් සන් සහ ට්‍රම්ප්ගේ  World Liberty Financial අතර  ටෝකන් අයිතිය පිළිබඳ  නීතිමය සටනක්

ජස්ටින් සන් සහ ට්‍රම්ප්ගේ World Liberty Financial අතර ටෝකන් අයිතිය පිළිබඳ නීතිමය සටනක්

22 April 2026
ජපාන අග්‍රාමාත්‍ය සානා තකයිචි  සිය ධුර කාලයේ  මාස හයක් සම්පූර්ණ කරයි

ජපාන අග්‍රාමාත්‍ය සානා තකයිචි සිය ධුර කාලයේ මාස හයක් සම්පූර්ණ කරයි

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයෙන් පරිබාහිරව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීමට ජාතික ආරක්ෂක වාරිකයක් ගෙවන්නැයි ඇමෙරිකාවෙන්  මිත්‍ර රටවලට ඇරයුම්

චීනයෙන් පරිබාහිරව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීමට ජාතික ආරක්ෂක වාරිකයක් ගෙවන්නැයි ඇමෙරිකාවෙන් මිත්‍ර රටවලට ඇරයුම්

22 April 2026
අභ්‍යවකාශගත AI දත්ත මධ්‍යස්ථාන  වාණිජමය වශයෙන්  සාර්ථක නොවීමේ අවදානමක්  පවතින බව SpaceX පවසයි

අභ්‍යවකාශගත AI දත්ත මධ්‍යස්ථාන වාණිජමය වශයෙන් සාර්ථක නොවීමේ අවදානමක් පවතින බව SpaceX පවසයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved