දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 20) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය නිකුත් කරන ලදී. ඒ අනුව දැඩි ඇප කොන්දේසි මත ඔහු මුදාහැරීමට කටයුතු කෙරිණි.
හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වූයේ ඔහුට අයත් යැයි පැවසෙන ඉන්ධන පිරවුම්හලක් සහ දේපළ කිහිපයක් අයථා ලෙස උපයාගත් බවට ලැබී තිබූ පැමිණිල්ලක් පදනම් කරගනිමිනි. මීට පෙර අවස්ථාවලදී ද අල්ලස් කොමිසම විසින් ඔහුගෙන් මේ පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.












