මෙම වසරේ ගත වූ මාස හතරකට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 8 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (අප්‍රේල් 20) නිවේදනය කළේය.
ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ සංචාරකයින් 809,595 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 167,095 කි. මීට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
කෙසේ වෙතත්, අප්‍රේල් මස පළමු දින සිට 22 වැනිදා දක්වා කාලය තුළ පැමිණ ඇත්තේ සංචාරකයින් 68,961ක් පමණි. පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව ද එම අධිකාරිය පෙන්වා දෙයි.













