නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඉහළ මැදගම ගමගේ පියසේන යන අය අද (අප්‍රේල් 20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මොහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වන්නේ අමාත්‍යවරයා ලෙස සිය බලතල අයුතු ලෙස භාවිතා කරමින් බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහිරව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් සුළු සේවකයන් 134 දෙනෙකු බඳවා ගැනීමයි. මීට අමතරව විනය නියෝග මත ස්ථාන මාරුවීම් කර තිබූ යාපනය තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකුගේ ස්ථාන මාරුවීම අවලංගු කිරීමට දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවස්ථා කිහිපයකදී බලපෑම් කිරීමේ චෝදනාව ද ඔහුට එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.













