IPL ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද (අප්‍රේල් 20) රාත්රියේදී ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
අද දිනයේදී ගුජරාට් ටයිටන්ස් (Gujarat Titans) කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians) කණ්ඩායම එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසෙයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සුබ පණිවිඩයක් රැගෙන එමින්, ආබාධයකට ලක්ව සිටි ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිකරු රෝහිත් ශර්මා අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.
සත්කාරක ගුජරාට් කණ්ඩායමට ඔවුන්ගේම ක්‍රීඩාංගනයේදී හිමිවන වාසිය හමුවේ මුම්බායි කණ්ඩායම දක්වන දක්ෂතාව පිළිබඳව ක්‍රීඩා ලෝලීන් දැඩි අවධානයෙන් පසුවේ.














