සාම පාගමනක් සඳහා මෙරටට පැමිණෙන ‘ආලෝකා’ නම් සුනඛයාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය නිවේදනය කරයි. ලෝකය පුරාම සාමයේ සංකේතයක් ලෙස පිළිගැනෙන මෙම සුනඛයාගේ සුබසාධනය උදෙසා පශු වෛද්‍ය සංගමය ඉතා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබේ.
ඒ අනුව, ‘ආලෝකා’ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ගිලන් රථ සේවාවක්, අවශ්‍ය ඖෂධ සහ පළපුරුදු වෛද්‍ය කණ්ඩායම් මේ වන විටත් සූදානම් කර ඇත. හදිසි අවස්ථාවකදී කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කැපවූ කාර්ය මණ්ඩලයක් ද මෙහිදී අනුයුක්ත කර ඇති බව පශු වෛද්‍ය සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සංචාරය පුරාවටම ‘ආලෝකා’ගේ ආරක්ෂාව උපරිම මට්ටමින් සහතික කිරීමට අවශ්‍ය සියලු සැලසුම් ක්‍රියාත්මක බව එම සංගමය අවධාරණය කරයි.














