ඊශ්‍රායල සොල්දාදුවෙකු විසින් දකුණු ලෙබනනයේ පිහිටි ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධිය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දැඩි ලෙස හෙළා දැක තිබේ. සිය ‘එක්ස්’ (X) ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, මෙම සිදුවීම පිළිබඳව තමන් සහ ඊශ්‍රායල ජාතිකයන්ගෙන් අති බහුතරයක් දැඩි කම්පනයට සහ කණගාටුවට පත් වූ බවයි.
ඊශ්‍රායල සොල්දාදුවෙකු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙම විරෝධය මතු විය. මේ සම්බන්ධයෙන් එරට හමුදා බලධාරීන් විසින් අපරාධ පරීක්ෂණයක් පවත්වනු ඇති බවත්, වරදකරුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














