රුසියානු වානේ නිෂ්පාදන දැවැන්තයෙකු වන Severstal සමාගම, 2026 වසරේ පළමු කාර්තුව සඳහා වන සිය ශුද්ධ ලාභය රූබල් මිලියන 57ක් (ඇමෙරිකානු ඩොලර් 761,523ක්) දක්වා අතිවිශාල ලෙස පහත වැටී ඇති බව අද වාර්තා කළේය. 2025 වසරේ පළමු කාර්තුවේදී රූබල් බිලියන 21.1ක්ව පැවති ඔවුන්ගේ ලාභය මෙලෙස දරුණු ලෙස පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව තුළ වානේ සඳහා පවතින ඉල්ලුම සියයට 15කින් පමණ අවම වීමයි.
වෙළෙඳපොළ තුළ පවතින මෙම දුර්වල ඉල්ලුම සහ සමාගමේ ශුද්ධ මුදල් ප්‍රවාහය (Free cash flow) සෘණාත්මක අගයක් ගැනීම හේතුවෙන්, මෙවර පළමු කාර්තුව සඳහා ලාභාංශ (Dividends) ගෙවීම් සිදු නොකරන ලෙස සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශ කර තිබේ. රුසියාවට එරෙහිව පවතින ජාත්‍යන්තර සම්බාධක සහ දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින පසුබෑම වානේ නිෂ්පාදන සමාගම්වල මූල්‍ය ස්ථාවරත්වයට මෙලෙස සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














