රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “ලොකු පැටී” නමැත්තාගේ මුදල් කටයුතු පාලනය කළ බව කියන ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශන ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ සැකකාර කපු මහතා වන දිනේෂ් කුමාරගේ බැංකු ගිණුම් හරහා රුපියල් කෝටි 30 කට අධික මුදලක් සංසරණය වී ඇති බවයි. ලොකු පැටී නමැත්තා නීති විරෝධී ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය කිරීමේ (Money Laundering) කටයුතු සඳහා මෙම සැකකරු සෘජුවම දායක වී ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, මෙම මූල්‍ය ජාලය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.














