දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (22) දිනයේත් පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර, වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.














