නව බලශක්ති අමාත්‍යවරයා ලෙස පත්වූ අනුර කරුණාතිලක මහතා අද (21) පෙරවරුවේ සිය අමාත්‍යාංශයේදී නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේය.
අමාත්‍යවරයා වැඩ භාරගැනීමේ අවස්ථාවට හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද එක්ව සිටියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව අමාත්‍යවරයා අවධාරණය කළේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, මෙරට ජනතාවට අවශ්‍ය විදුලිය සහ ඉන්ධන කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සැපයීමට රජය සියලු පියවර ගන්නා බවයි.
ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ දේශීය බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම තම ප්‍රමුඛ කාර්යය වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














