ලෝක සාම පාගමනේ සුරතලා වන ‘ආලෝක’ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේදී ඇති වූ තාක්ෂණික බාධා ශ්‍රී ලංකා රජය සහ තානාපති කාර්යාල මැදිහත් වී සාර්ථකව විසඳා ගත් බව භික්ෂු පඤ්ඤාකර හිමියෝ පවසති.
ආලෝකව රැගෙන ඒමට මුලින් තුර්කි ගුවන් සේවය (Turkish Airlines) අවසර ලබා දී තිබුණේ ඉස්තාන්බුල් දක්වා පමණක් ගුවන් යානයේ කැබින් එක තුළ ගමන් කිරීමටයි. ඉස්තාන්බුල් සිට කොළඹ දක්වා එලෙස ගමන් කිරීමට අවසර නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු විය. එහෙත් ශ්‍රී ලංකා රජය සහ තානාපති කාර්යාලය කළ ඉල්ලීමක් මත කොළඹ දක්වාම කැබින් එක තුළ ගමන් කිරීමට අවසානයේ අවසර හිමි විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආලෝකව ශ්‍රී ලංකාවේ සාම පාගමනට සහභාගී කරවන ලෙස කළ විශේෂ ආරාධනය ද මෙම ගමනට හේතු වූ බව උන්වහන්සේ සඳහන් කළහ. ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ආදරය දිනා සිටින ආලෝක, සාම පාගමනට විශාල ආලෝකයක් ලබා දෙනු ඇතැයි භික්ෂු පඤ්ඤාකර හිමියෝ වැඩිදුරටත් විශ්වාසය පළ කළහ.














