සෑම ආණ්ඩුවකම දූෂිත පුද්ගලයන් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. අද (අප්‍රේල් 20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමා ජනාධිපති ධුරය දැරූ සමයේ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විතව පත් කළ කොමිෂන් සභා වාර්තාවට සිදු වූ දෙයක් නොමැති බවයි.
අදාළ විමර්ශන කටයුතු නැවත ආරම්භ කරන්නේ නම්, හිටපු ජනාධිපතිවරයා ලෙස ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට තමන් සූදානම් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














