සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයකට අනුව, ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව මෙම සංචාරය සංවිධානය කර තිබුණි. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අම්පාර දිස්ත්‍රික් මහ රෝහල, මහඔය, දෙහිඅත්තකණ්ඩිය සහ පොතුවිල් යන මූලික රෝහල්වල වත්මන් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන ලදී.
මෙම නිරීක්ෂණයේදී රෝහල්වල බාහිර රෝගී අංශ, වාට්ටු, ඖෂධාගාර, රසායනාගාර සහ ලේ බැංකු ඇතුළු අත්‍යවශ්‍ය අංශයන්හි පවතින ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම වෛද්‍ය නිල නිවාස සහ නේවාසිකාගාරවල පහසුකම් මෙන්ම දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සොයා බැලූ ඒ මහතා, රෝගී සත්කාර සේවා වඩාත් විධිමත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. මෙම අවස්ථාවට අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














