ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය දයාරත්න බණ්ඩා මහතා, මෙම පත්වීමට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙසත් (2015-2021), ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපතිවරයා ලෙසත් සේවය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව සිය මූලික උපාධිය ලබාගත් ඔහු, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් (NUS) සිය ආචාර්ය උපාධිය (PhD) ලබාගත් විද්වතෙකි.
කැනඩාවේ වෝටර්ලූ විශ්වවිද්‍යාලය ඇතුළු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක ආරාධිත පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, ජාත්‍යන්තර වෙළඳාම, බැංකු හා මූල්‍ය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රවීණයෙකි. ඔහුගේ විද්වත් නායකත්වය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය සහ ගුරු පුහුණු කටයුතු නවීකරණය කිරීම සඳහා මහඟු දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













