ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මෙරටට ගෙන්වීම හරහා සිදුව ඇති බව කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රට හමුවේ සඟවා ඇති තීරණාත්මක තොරතුරු කිහිපයක් පිළිබඳව සමගි ජන බලවේගය විශේෂ අනාවරණයක් සිදු කරයි. බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ මෙම මහ පරිමාණ වංචාව මහජන අවධානයෙන් යටපත් කිරීමට රජය සූදානම් වන බවට බරපතළ සැකයක් මතු වන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අද පක්ෂ මූලස්ථානයේදී අවධාරණය කළේය.
මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මරික්කාර් මහතා කියා සිටියේ කුමාර ජයකොඩි මහතා ධුරයෙන් ඉවත් වූ පමණින් ජනතාවගේ මුදල් කොල්ලකෑ වංචාකරුවන්ට නිදහසේ සිටීමට ඉඩ නොදෙන බවයි. අමාත්‍යවරයාගේ ඉවත්වීමත් සමඟ මෙම ප්‍රශ්නය අවසන් වූ බවට රජය සිතන්නේ නම් එය දැඩි මුළාවක් බවත්, මෙම ගල් අඟුරු ගනුදෙනුව පිටුපස සැඟවී සිටින සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එන තෙක් සිය පක්ෂය කිසිසේත් පසුබට නොවන බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
මෙය හුදෙක් දේශපාලන චෝදනාවක් නොව රටේ බලශක්ති සුරක්ෂිතතාව සහ මහජන මුදල් අවභාවිතය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් වන බැවින්, මෙම වංචාව සම්පූර්ණයෙන් යටගැසීමට දරන ඕනෑම උත්සාහයක් සමගි ජන බලවේගය විසින් පරාජය කරනු ඇත. දූෂිත ගනුදෙනු හරහා රටේ ආර්ථිකයට පහර දෙන පිරිස් ආරක්ෂා කිරීමට ආණ්ඩුව දරන සියලු උපායමාර්ග හමුවේ නිහඬ නොවී සත්‍යය ජයග්‍රහණය කරවීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ජනතා පරමාධිපත්‍යය කිසිවෙකුටවත් පාවා දිය නොහැකි බවයි.













