ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් අද (අප්‍රේල් 23) උදෑසන සිදුව තිබේ.
මෙහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා, IRIS Dena නෞකාවේ සිටි නාවිකයින් මුදාගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා රජය දැක්වූ සහයෝගය සහ මියගිය නාවිකයින්ගේ දේහයන් යළි ඉරානයට භාරදීමට කටයුතු කිරීම පිළිබඳව සිය කෘතඥතාව පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදුකළ බව කියන ප්‍රහාරයන් විවේචනය කළ අමාත්‍ය අරග්චි මහතා, IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය ඇමෙරිකාව විසින් සිදුකළ “නොඇසූ විරූ යුද අපරාධයක්” ලෙස හඳුන්වා දී තිබේ. මෙය ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ 1949 ජිනීවා සම්මුතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, මීට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට ඉරානය කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මෙම සංවාදයේදී අමාත්‍යවරුන් දෙපළ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.















