2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් නැකත් සීට්ටුවට අනුව, පැළ සිටුවීමේ නැකත අදට (අප්‍රේල් 23) යෙදී තිබේ.
ඒ අනුව අද පෙරවරු 9:01 ට සුදු පැහැති වස්ත්‍රයකින් සැරසී, නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීමේ චාරිත්‍රය ඉටුකිරීම සුබදායක බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.
අප්‍රේල් 14 වැනිදා උදාවූ අලුත් අවුරුද්දේ අවසන් ප්‍රධාන චාරිත්‍රය ලෙස සැලකෙන මෙම පැළ සිටුවීමේ නැකත, පරිසරය සුරැකීම සහ අනාගතය වෙනුවෙන් සම්පත් ඉතිරි කිරීම අරමුණු කරගත් අගනා සංස්කෘතික අංගයකි. රට පුරා විසිරී සිටින ජනතාව සිය ගෙවත්තේ හෝ පොදු ස්ථානයක පල දරන හෝ සෙවන ලබාදෙන පැළයක් සිටුවමින් මෙම චාරිත්‍රයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















