චීන විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Xpeng සමාගම සිය “පියාසර කරන මෝටර් රථ” (Flying Cars) මහා පරිමාණයෙන් පාරිභෝගිකයන් වෙත බෙදා හැරීම ලබන වසරේදී එනම් 2027 වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එම සමාගමේ සභාපති බ්‍රයන් ගු (Brian Gu) මහතා ප්‍රකාශ කළේය. බ්‍රහස්පතින්දා (අප්‍රේල් 23) පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
මෙම තාක්ෂණික පිම්ම මෝටර් රථ ක්ෂේත්‍රයේ අනාගතය වෙනස් කරනු ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අදහස් පළ කරති. මීට අමතරව Xpeng සමාගම සිය රොබෝ තාක්ෂණික නිෂ්පාදන ද මෙම වසරේ සිව්වන කාර්තුව වන විට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර ලබන වසරේදී බාහිර හවුල්කරුවන් සමඟ එක්ව එම ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරයි.
ගෝලීය වශයෙන් විද්‍යුත් වාහන සහ ස්වයංක්‍රීය තාක්ෂණයන් සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් පවතින මොහොතක Xpeng සමාගමේ මෙම සූදානම ඔවුන්ගේ වෙළෙඳපොළ ආධිපත්‍යය තහවුරු කිරීමට ඉවහල් වනු ඇතැයි සැලකේ.














