1980 දශකයේ ජපානයේ අතිශය ජනප්‍රියව පැවති ‘Yankii’ (කැරලිකාර තරුණයන්ගේ) උපසංස්කෘතිය, Netflix හි විකාශය වන නවතම රියැලිටි වැඩසටහනක් හේතුවෙන් යළිත් ලෝක අවධානයට ලක්ව තිබේ. කැපී පෙනෙන ‘Elvis’ විලාසිතාවේ කොණ්ඩා මෝස්තර සහ වෙනස් කරන ලද පාසල් නිල ඇඳුම්වලින් සැරසුණු මෙම තරුණයන්, ජපානයේ සාම්ප්‍රදායික නීති රීතිවලට එරෙහිව කැරලි ගැසූ පිරිසක් ලෙස ප්‍රසිද්ධය.
අතීතයේදී මෙම තරුණයන් මෝටර් සයිකල් ධාවනය, පාසල් ගැටුම් සහ වීදි සටන් හරහා සිය විරෝධය ප්‍රකාශ කළද, ඔවුන් සතු වූ ‘වීරත්වය’ (Chivalry) වැනි ගතිගුණ නිසා වර්තමානයේදී ඇනිමේ (Anime) සහ සිනමාව වැනි ක්ෂේත්‍රවල ජනප්‍රිය චරිත බවට පත්ව ඇත. නීති රීති අකුරටම පිළිපදින ජපන් සමාජය තුළ මෙම ‘නරක ළමුන්ගේ’ (Bad-boy) විලාසිතාව සහ හැසිරීම් රටාව යළිත් වරක් නව පරපුර අතර රැල්ලක් නිර්මාණය කරමින් පවතී.














