එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ නිල කාලය එළඹෙන දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිත අතර එම ධුරය සඳහා මීළඟ නායකයා තේරීමේ කටයුතු දැන් වේගවත් වී තිබේ. මේ වන විට අපේක්ෂකයින් සිව්දෙනෙකු නිල වශයෙන් ඉදිරිපත් වී ඇති අතර ඔවුන්ගෙන් පැය කිහිපයක් පුරා ප්‍රශ්න විමසමින් පැවැත්වූ ප්‍රථම වටයේ සම්මුඛ සාකච්ඡා පසුගියදා අවසන් විය. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානියා ලෙස කටයුතු කරන ආර්ජන්ටිනා ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන රෆායෙල් මරියානෝ ග්‍රොසි (Rafael Mariano Grossi) මෙහි ප්‍රමුඛ අපේක්ෂකයෙකු ලෙස සැලකේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් කාර්යක්ෂම සහ බලවත් ආයතනයක් බවට පත් කරන්නේ කෙසේද යන්න මීළඟ නායකයා සතු ප්‍රධානතම අභියෝගයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන ගමන් මග පිළිබඳව ලෝකය පුරා විශාල සැකයක් මතු වී ඇති බවත් මෙය සංවිධානයේ අනාගතය තීරණය කරන තීරණාත්මක මැතිවරණයක් වනු ඇති බවත් ග්‍රොසි මහතා අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට ගමන් කරමින් සිටින දිශාව ලෝක ප්‍රජාව අපේක්ෂා කරන දිශාව නොවන බව ඔහුගේ අදහසයි. මෙම තේරීම් ක්‍රියාවලිය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් උණුසුම් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














