දකුණු චීන මුහුදේ තමන්ට අයත් යැයි පවසන දූපත් 11,000කට අධික ප්‍රමාණයක් තවදුරටත් සංවර්ධනය කරන බව චීන රජය බදාදා (22) ප්‍රකාශ කළේය. සිය නාවික බලය ශක්තිමත් කිරීම, ස්වභාවික සම්පත් සුරක්ෂිත කර ගැනීම සහ භූමිය පිළිබඳ පවතින අයිතිවාසිකම් තහවුරු කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම පියවර ගන්නා බව චීනය පෙන්වා දෙයි.
වසර ගණනාවක සිට දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති මුහුදු ප්‍රදේශවල කෘතිම දූපත් නිර්මාණය කිරීමටත්, එහි ගුවන් පථ සහ හමුදා පහසුකම් ස්ථාපිත කිරීමටත් චීනය කටයුතු කර තිබේ. චීනයේ මෙම නවතම ප්‍රකාශය එම කලාපයේ පවතින භූමිය පිළිබඳ ආරවුල් තවදුරටත් උග්‍ර කිරීමට හේතු විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම පිලිපීනය සහ වියට්නාමය වැනි අසල්වැසි රටවල් චීනයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දිගින් දිගටම සිය විරෝධය පළ කරමින් සිටී.















