ලොව දෙවන විශාලතම බීර නිෂ්පාදකයා වන ඕලන්දයේ Heineken සමාගම, මෙම වසරේ පළමු කාර්තුව සඳහා සිය ශුද්ධ ආදායම 2.8% කින් වර්ධනය වී ඇති බව අද (23) වාර්තා කළේය. මෙය මූල්‍ය විශ්ලේෂකයන් අපේක්ෂා කළ 2.3% ක වර්ධන වේගය ඉක්මවා යාමකි.
ගෝලීය වශයෙන් පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, Heineken නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම ස්ථාවරව පැවතීම මෙම ආදායම් වර්ධනයට හේතු වී තිබේ. විශේෂයෙන්ම ආසියානු සහ යුරෝපීය වෙළෙඳපොළ තුළ වාරික (Premium) නිෂ්පාදන අලෙවිය ඉහළ යාම සමාගමේ මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කර ඇත. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් දාමයන්ට එල්ල වන බලපෑම් පිළිබඳව සමාගම ඉදිරි කාලය සඳහා දැඩි අවධානයකින් පසුවන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.















