දකුණු කොරියාවේ ප්‍රමුඛතම මංගල සේවා සැපයුම් ආයතනයක් වන “Duo” සමාගම සිය සාමාජිකයන්ගේ සංවේදී පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එරට දත්ත ආරක්ෂණ ආයතනය විසින් බ්‍රහස්පතින්දා (23) දඩ පැනවීමට පියවර ගත්තේය. සාමාජිකයන්ගේ බර, රුධිර ගණය සහ පෙර විවාහයන් පිළිබඳ තොරතුරු ඇතුළු පුද්ගලික දත්ත රැසක් මෙම කාන්දු වීම හරහා අනාවරණය වී තිබේ.
පෞද්ගලික තොරතුරු ආරක්ෂණ කොමිසම (PIPC) සඳහන් කළේ, පසුගිය වසරේ සිදුවූ හැකර් ප්‍රහාරයකදී සිය දත්ත පද්ධතිය ආරක්ෂා කර ගැනීමට Duo සමාගම ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවයි. එමෙන්ම පද්ධතිය අනවසර පිවිසුමකට ලක්වූ පසුවත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට සමාගම ප්‍රමාද වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පාරිභෝගික විශ්වාසය සහ දත්ත රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ගය ගත් බව කොරියානු බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.















