වෙනිසියුලානු හිටපු නායක නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කළ රහසිගත මිලිටරි මෙහෙයුම පිළිබඳ තොරතුරු භාවිතා කරමින් සූදුවක නිරත වී ඩොලර් 400,000 කට අධික මුදලක් ජයග්‍රහණය කළ ඇමෙරිකානු විශේෂ බලකා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු කැරොලිනාවේ ෆෝට් බ්‍රැග් හි සේවය කරන ගැෙනන් කෙන් වැන් ඩයික් නමැති මෙම සෙබළාට එරෙහිව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) විසින් “අභ්‍යන්තර තොරතුරු භාවිතා කරමින් සිදුකළ නීතිවිරෝධී ගනුදෙනු” (Insider Trading) සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.
පසුගිය ජනවාරි 3 වනදා කැරකස් නුවරදී මධුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් “ඔපරේෂන් ඇබ්සලියුට් රිසෝල්ව්” (Operation Absolute Resolve) මෙහෙයුම පිළිබඳ රහසිගත තොරතුරු වැන් ඩයික් සතුව තිබී ඇත. ඔහු එම තොරතුරු උපයෝගී කරගනිමින් Polymarket නමැති ක්‍රිප්ටෝ පාදක කරගත් අනාවැකි පළ කිරීමේ වේදිකාව හරහා මධුරෝ ඉවත් කිරීමේ කාලය සහ ප්‍රතිඵලය පිළිබඳව ඔට්ටු තබා තිබේ. ඔහු රහසිගත තොරතුරු මත පදනම්ව ඩොලර් 33,000 ක් පමණ ඔට්ටු අල්ලා ඇති අතර එමඟින් ඩොලර් 409,000 ක ලාභයක් ලබා ඇති බව විමර්ශනවලදී හෙළි විය.
රාජ්‍ය රහස් අවභාවිත කිරීම, මූල්‍ය වංචාව සහ රහස්‍ය තොරතුරු සොරකම් කිරීම ඇතුළු චෝදනා රැසක් මෙම සෙබළාට එරෙහිව ගොනු කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමන් මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් සොයා බලන බවත්, ලෝකයම සූදුවක් බවට පත්වීම පිළිබඳව තමන් සතුටු නොවන බවත්ය. මිලිටරි මෙහෙයුම්වල රහස්‍යභාවය පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා භාවිතා කිරීම බරපතළ වරදක් බව ඇමෙරිකානු නීති අංශ අවධාරණය කර සිටියි.














