ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැපයුම් දාමය වඩාත් කාර්යක්ෂම කරමින්, වරායෙන් හෝ ගුවන් තොටුපළෙන් මුදාගන්නා ඖෂධ දිවයින පුරා පිහිටි ෆාමසි වෙත ආරක්ෂිතව බෙදාහැරීමේ වගකීම හෙල්ත්ගාඩ් ඩිස්ට්‍රිබියුෂන් ආයතනය විසින් සාර්ථකව ඉටුකරනු ලබයි. මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ ප්‍රධාන බෙදාහැරීමේ මධ්‍යස්ථානය තුළ වර්ග අඩි 18,920ක ඉඩකඩක් සහිතව ඖෂධ ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ නවීන පහසුකම් ස්ථාපිත කර තිබේ. විශේෂයෙන්ම එන්නත් සහ ඉන්සියුලින් වැනි උෂ්ණත්වය අනුව සංවේදී ඖෂධ වර්ග සෙල්සියස් අංශක 2ත් 8ත් අතර නියමිත උෂ්ණත්වයක පවත්වාගෙන යාමට අවශ්‍ය ශීතාගාර පහසුකම් සහ ස්වයංක්‍රීය අධීක්ෂණ පද්ධති මෙහි ක්‍රියාත්මක වේ.
රොබෝ තාක්ෂණය සහ ඩිජිටල් දත්ත පද්ධති භාවිත කරමින් ඉතාමත් නිරවද්‍යව සහ විනිවිදභාවයකින් යුතුව මෙම ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුවන අතර, පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඖෂධ ලබාදීමට අවශ්‍ය රථවාහන බලඇණියක් ද ඔවුන් සතුය. ඖෂධවල ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් රෝගීන් වෙත නියමිත ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබාදීම සහතික කිරීම තමන්ගේ මූලික වගකීම බව හෙල්ත්ගාඩ් ඩිස්ට්‍රිබියුෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.














