මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය සහ ගෝලීය සැපයුම් දාමයේ පවතින අවහිරතා හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.22කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල අමෙරිකානු ඩොලර් 106.35ක් ලෙස සටහන් වී ඇත. මෙය මෑත කාලීනව වාර්තා වූ ඉහළම අගයන්ගෙන් එකකි.
මීට අමතරව, WTI බොරතෙල් බැරලයක මිල සියයට 1.17කින් ඉහළ ගොස් ඩොලර් 96.97ක් ලෙස සටහන්ව ඇති අතර, මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල සියයට 2.74ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්වමින් ඩොලර් 105.95ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෝලීය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ පවතින ගැටලු හමුවේ බොරතෙල් මිල මෙලෙස උච්චාවචනය වීම ශ්‍රී ලංකාව වැනි ආනයනික ආර්ථිකයක් සහිත රටවලට සෘජු බලපෑමක් එල්ල කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














