පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත පවරා ඇති නඩුවේදී, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කළ ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළේය.
පූජිත් ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්ති කූඩුවේ සිට තමන් මීට පෙර සිදුකළ ප්‍රකාශයට අලුතින් කරුණු එක් කිරීමට අවසර ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත්, ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.
මෙම නඩු විභාගය සඳහා විත්තියේ සාක්ෂිකරුවන් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු ද අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.














