බලංගොඩ, පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක තනිව පදිංචිව සිටි කාන්තාවක අමානුෂික වදහිංසාවලට ලක් කර ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ.
ලද තොරතුරක් මත පින්නවල පොලිසිය සිදුකළ පරීක්ෂණයකදී මෙම මළ සිරුර සොයාගෙන ඇත. බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, අධිකරණ වෛද්‍ය අධිකාරී සහ අපරාධ විමර්ශන නිලධාරීන් ඊයේ (23) පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ පවත්වා තිබේ.
සැකකරු හඳුනා ගැනීම සඳහා රත්නපුර පොලිස් නිල සුනඛ අංශයේ සහාය ලබා ගත්තද, එම මෙහෙයුම සාර්ථක වී නොමැත. මේ හේතුවෙන් ඇඟිලි සලකුණු පරීක්ෂණ සහ විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) බලංගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය. පින්නවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














