චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් දෙපළක් පදක්කම් දිනා ගැනීමට සමත්ව ඇත.
රිදී පදක්කම
ශ්‍රී ලංකාවේ ඉෂාරා සමන්මලී මීටර් 5.87ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
ලෝකඩ පදක්කම
මීටර් 5.83ක දුරක් වාර්තා කළ ශශිකලා ලංකාතිලක ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දීමට සමත් වූවාය.
මෙම ජයග්‍රහණයත් සමඟ ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ පදක්කම් සටහනට ශ්‍රී ලංකාව සාර්ථකව අවතීර්ණ වී තිබේ.














