ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදකයෙකු වන ඉන්ටෙල් (Intel) සමාගමේ කොටස් මිල අද (24) පෙරවරු වෙළඳාමේදී සියයට 22කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගියේය. නවීන කෘත්‍රිම බුද්ධි (AI) මාදිලීන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දෘඩාංග (Hardware) වෙනුවෙන් පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් සමාගමේ ආදායම් පුරෝකථනයන් ඉහළ යාම මෙයට සෘජුවම බලපා ඇත.
මෙම මිල ඉහළ යාමත් සමඟ ඉන්ටෙල් කොටසක මිල ඩොලර් 81ක් දක්වා වර්ධනය වූ අතර, මෙය වසර 2000න් පසු එනම් ‘ඩොට් කොම්’ (dotcom) යුගයෙන් පසුව වාර්තා වූ ඉහළම අගය ලෙස සැලකේ. මෙම වර්ධනයත් සමඟ සමාගමේ වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 75.3කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
AI ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ ඒ සඳහා අවශ්‍ය ප්‍රොසෙසර් (CPU) නිපදවීමට ඉන්ටෙල් සමාගම ගෙන ඇති උපායමාර්ගික පියවර මූල්‍ය විශ්ලේෂකයන්ගේ දැඩි පැසසුමට ලක්ව තිබේ. මේ වන විට අවම වශයෙන් තැරැව්කාර ආයතන 14ක් පමණ ඉන්ටෙල් කොටස් සඳහා වන සිය මිල ඉලක්කයන් (Price Targets) ඉහළ දමා ඇත. ගෝලීය තාක්ෂණික වෙළඳපොළ තුළ ඉන්ටෙල් සමාගම නැවතත් ප්‍රබල ස්ථානයක් අත්පත් කරගනිමින් සිටින බව මෙම වාර්තාගත වර්ධනය මඟින් පෙන්නුම් කෙරේ.














