ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජැරඩ් කුෂ්නර් (Jared Kushner) කඩිනමින් පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) දැනට මෙම සංචාරයට එක්වීමට සැලසුම් කර නොමැති වුවද, සාකච්ඡාවල ප්‍රගතිය අනුව අවශ්‍ය වුවහොත් ඉස්ලාමාබාද් බලා පිටත්ව යාම සඳහා සූදානමින් සිටින බව එම වාර්තාවල සඳහන් වේ.
කලාපීය සහ ගෝලීය දේශපාලනය හමුවේ ඉතා තීරණාත්මක වනු ඇතැයි සැලකෙන මෙම හමුව පැවැත්වෙන නිශ්චිත දිනයක් හෝ වේලාවක් මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.
මෙම සාකච්ඡාව හරහා මැදපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමට සහ දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීමට අවස්ථාවක් උදාවනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති.














