රැඳවුම්භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන S.F. රාජු නමැත්තාට අයත් මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස සඟවා තිබූ ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුසියාවේ නිෂ්පාදිත 9mm වර්ගයේ ගිනි අවියක්, ඊට අදාළ මැගසිනයක් සහ ජීව උණ්ඩ 15ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අදාළ අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.














