දිවයින පුරා ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම ආරම්භ කළ 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට 2026 අප්‍රේල් 23 වැනිදා දක්වා වූ කාලය තුළ සැකකරුවන් 156,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මෙම කාලසීමාව තුළ පොලිසිය විසින් වැටලීම් 157,423ක් සිදුකර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 156,456කි. මෙම මෙහෙයුම්වලදී මහා පරිමාණ ලෙස මත්ද්‍රව්‍ය තොග පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයකි.
පොලිස් වාර්තාවලට අනුව මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 1,917ක්, අයිස් (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් 1,979ක්, කොකේන් කිලෝග්‍රෑම් 271ක් සහ ගංජා කිලෝග්‍රෑම් 5,158කට අධික ප්‍රමාණයක් ඇතුළත් වේ. මීට අමතරව ගංජා පැල 7,903,470කට අධික සංඛ්‍යාවක් ද පොලිස් භාරයට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා රජය සහ පොලිසිය එක්ව දියත් කරන මෙම දැවැන්ත මෙහෙයුම ඉදිරියටත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.














