ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා පකිස්ථානයට යාමට සිටි ඇමෙරිකානු නියෝජිත පිරිසේ ගමන අවලංගු කිරීමට හේතු වූ කරුණු පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් කර තිබේ. එහිදී ඔහු අවධාරණය කළේ නිසි සැලසුමක් නොමැතිව එතරම් දුරක් ගමන් කිරීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවයි.
“අධික ලෙස සංචාරය කිරීම, වැඩි කාලයක් ගත වීම සහ අධික වියදම මීට හේතුවයි. මම වියදම් පිළිබඳව ඉතා සැලකිලිමත් පුද්ගලයෙක්,” යනුවෙන් ට්‍රම්ප් පවසා ඇත. පසුගිය දින කිහිපය තුළ කිසිදු විශේෂ වෙනසක් සිදුව නොමැති බවත්, සාර්ථක සැලසුමක් නොමැතිව නිකරුණේ කාලය සහ මුදල් නාස්ති කිරීමට තමන් සූදානම් නැති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සාකච්ඡාවල සියලු වාසිදායක තත්ත්වයන් ඇමෙරිකාව සතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, මෙම තීරණය හරහා පකිස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට තිබූ සාම ප්‍රයත්නයන් පිළිබඳව සිය දැඩි ස්ථාවරය යළිත් ලෝකයටම විදහා දක්වා තිබේ. ඇමෙරිකානු නියෝජිතයන්ගේ ගමන අවලංගු වීමත් සමඟ ඉරාන-ඇමෙරිකා යුද අර්බුදයට විසඳුම් සෙවීමේ මාවත තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.
















