බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යය පුරා පසුගිය සෙනසුරාදා දින එල්ල වූ මාරාන්තික ඒකාබද්ධ ප්‍රහාර මාලාවක වගකීම අල් කයිඩා සංවිධානයට අනුබද්ධ JNIM කල්ලිය සහ ටුවාරෙග් (Tuareg) කැරලිකරුවන්ගෙන් සමන්විත FLA කණ්ඩායම විසින් ඒකාබද්ධව භාරගෙන තිබේ. අන්තර්ජාතික බුද්ධි තොරතුරු වාර්තා කරන SITE Intelligence Group ආයතනය පවසන්නේ මෙම සන්නද්ධ කණ්ඩායම් දෙක එක්ව මාලි හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇති බවයි. ප්‍රහාරයත් සමඟ එරට ප්‍රධාන ගුවන්තොටුපළ ද තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත් අතර ප්‍රහාරය හේතුවෙන් සිදු වූ මරණ සහ හානි පිළිබඳව තොරතුරු තවදුරටත් වාර්තා වෙමින් පවතී. මෙම කණ්ඩායම් දෙක මීට පෙර ප්‍රතිවිරුද්ධ මතවාද දැරුවද රජයේ හමුදාවන්ට එරෙහිව මෙලෙස ඒකාබද්ධව ප්‍රහාර එල්ල කිරීම කලාපීය ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු කරුණක් බව විදේශ විචාරකයෝ පෙන්වා දෙති.
















