ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා හෙට (26) දින ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, ප්‍රංශයේ ලියෝන් නගරයේදී පැවැත්වෙන ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) මගින් සංවිධානය කරන “මහජන සන්නිවේදනය උදෙසා වූ පළමුවන ගෝලීය සම්මේලනයට” සහභාගී වීම සඳහායි.
මෙම සම්මේලනයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකුට ආරාධනා ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. එහිදී මෑත කාලීන ආපදා තත්ත්වයන් හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ඔහු ජාත්‍යන්තරය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සම්මේලනය 2026 අප්‍රේල් 28 සිට 30 දක්වා පැවැත්වේ.
















