නවසීලන්ත (U85KG) කණ්ඩායම සහ ශ්‍රී ලංකා ටස්කර්ස් (Tuskers) කණ්ඩායම අතර පැවැත්වෙන රග්බි තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 27 – 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඊයේ (25) කොළඹ තුරඟ තරග පිටියේදී (Racecourse Ground) මෙම උණුසුම් තරගය පැවැත්විණි.
දෙරට අතර පැවැත්වෙන මෙම තරග දෙකකින් සමන්විත සංචාරයේ තීරණාත්මක දෙවන තරගය එළඹෙන මැයි මස 03 වැනිදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.













