ලංකාවේ වාහන හිමිකරුවන් සඳහා නවීන සහ කාර්යක්ෂම අත්දැකීමක් ලබා දෙමින්, ලබන මැයි මස 01 වැනිදා සිට “ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත්” (Digital Motor Insurance Cards) හඳුන්වා දීමට මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි. මෙතෙක් භාවිත කළ ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත් වෙනුවට කඩදාසි රහිත ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීම හරහා වඩාත් විනිවිදභාවයකින් යුතු සේවාවක් ලබාදීමත්, රටේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත් රජයේ අරමුණයි. මෙමගින් ප්ලාස්ටික් භාවිතය අවම වීම නිසා පරිසර සංරක්ෂණයට ද විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















