ව්‍යාජ හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍ර භාවිත කරමින් මූල්‍ය වංචා සිදුකළ බවට සැක කෙරෙන 60 හැවිරිදි පුද්ගලයෙකු යක්කල, බැළුම්මහර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) රාත්‍රී කාලයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ගම්පහ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොටු කර ගැනීමට හැකි වී ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මොහු විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි අයෙකු බවයි. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු යක්කල පොලීසිය විසින් මෙහෙයවනු ලබයි.














