ඉපලෝගම, පල්ලෙකාගම රක්ෂිත ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ඉපලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ සෝදිසියකදී මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 55ක පමණ පසුවන්නෙකු බවට පොලිසිය සැක කරන අතර, මළ සිරුර සොයාගන්නා විටත් බෙහෙවින් නරක් වී තිබීම හේතුවෙන් මොහු දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවට අනුමාන කෙරේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය ඝාතනයක් ද නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.
මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා පොලිසිය ප්‍රදේශයේ අතුරුදහන් වූවන් පිළිබඳ වාර්තා පරීක්ෂා කරමින් සිටින අතර, ඉපලෝගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














