මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා වහාම තනතුරින් ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
විපක්ෂ නායක කාර්යාලයේදී අද (26) තරුණ වෘත්තිකයින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. රටේ ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ නිලධාරීන් ඒ පිළිබඳ වගකීම භාරගත යුතු බවත්, හැකර් ප්‍රහාරයක් යනුවෙන් පවසමින් මෙම බරපතළ මූල්‍ය වංචාව වසන් කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මූල්‍ය අලාභය සම්බන්ධයෙන් රජය පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතු අතර, ඊට අදාළ විමර්ශන විනිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.














