හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පවතින අතිශය සංවේදී පාරිසරික පද්ධතියට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා දිනපතා වනෝද්‍යානයට ඇතුළු වන සංචාරකයින් සංඛ්‍යාව සීමා කිරීමට සහ අන්තර්ජාලය හරහා වේලාවන් වෙන්කර ගැනීමේ (Online Time-Slot Booking) පද්ධතියක් හඳුන්වා දීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය අන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (29) වනදා හෝර්ටන් තැන්නේදී පැවැති විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ සංචාරයකදී සහ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය සාකච්ඡා වී ඇත. පරිසරයට හානි නොවන, වගකීම්සහගත පරිසර සංචාරක ව්‍යාපාරයක් (Eco-Tourism) ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි. යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන හෝර්ටන් තැන්නෙහි දිගුකාලීන පැවැත්ම සහජීවනයෙන් තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.














